අද අපේ ගෙදරට අමුත්තො ටිකක් ආවා. අම්මයි තාත්තයි චූටි පුතයි. ඌ හරිම ලස්සන පොඩි එකෙක්. සුදට හුරු ලස්සනට ෂේප් වෙච්ච ඇඟක් තිබුණේ. වයස අවුරුදු 4 හමාරක් විතර ඇති. මට දන්නෙම නැතුව මගේ පුංචි කාලෙ මතක් වුණා. මට දැන් 25 යි. මමත් පොඩි කාලෙ මූ වගේමයි. මූ නම් හරියටම මගේ පොඩි version එකක් වගේ. ඒ අංකල්ලා කතා කරන සද්දෙට මම ආයෙමත් පියවි ලෝකෙට ආවා. ඒ පොඩි එකාත් මම දිහා හරිම අහිංසක විදිහට බලාගෙන ඉන්නවා. මට ඌ ගැන හරිම ආදරයක් ඇති වුණේ. මම උගෙන් ඇහුවා “මල්ලි...... නම මොකක්ද ?” කියලා. ඌ හෙමීට නම කිව්වෙ අහිංසක විදිහට මා දිහා බලලා. මට ඇත්තටම ඌ ගැන හරිම ආදරයක් ඇති වුණේ.
අම්මා අපිට කෑම කන්න අඬගැහුවා. කෑම මේසෙදිත් මම දැක්කා ඌ මම දිහා බලා ඉන්නවා. මගේ හිත ආයෙත් අතීතයට ගියා. එතකොට මම හරි පොඩි යි. මේ පොඩි එකාගෙ වයස විතර. අපේ ගෙදර ඒ කාලෙ අපේ ලොකු තාත්තගෙ පුතා නැවතිලා හිටියා. හරි ලස්සන අයිය කෙනෙක්. ඌ එතකොට ඒ ලෙවෙල් කරනවා. අපේ ගෙදර ඉඳල තමයි ඉස්කෝලෙ ගියෙ. ඌ හිටියෙ අපේ ගෙදර කොනක තිබුණ කාමරයක. ඒ දවස් වල මට වෙසක් එකට කූඩු සරුංගල් එහෙමත් හදා දෙන්නෙ ඌ තමයි. උගෙ යාලුවො සමහර වෙලාවට පාඩම් කරන්න කියලා අයියගෙ කාමරයට එනවා. මගේ ජීවිතේ වෙනස් පැත්තකට හැරුණු සිදුවීම් වුණේ මේ අතරේ.
දවසක් මම අයියගෙ කාමරයට ගියා. එදා එයාගෙ යාලුවො දෙන්නෙකුත් ඇවිල්ල හිටියා. කාමරේ දොර බාගෙට ඇරල තිබුණෙ. මම පුංචි නිසා වෙන්න ඇති මම එන සද්දෙ උන්ට ඇහුනෙ නැහැ. මම දොර රෙද්ද ඇරලා බලද්දි එක අයිය කෙනෙක්ගෙ අත තිබ්බෙ අපේ අයියගෙ සරම අස්සෙ. ඌ අතන අත ගගා තමයි හිටියේ. මාව දැක්ක ගමන්ම උන් බය වුණා. මොකුත් නොවුණු ගානට හිටියා. මමත් ඒක ගණන් ගත්ත බවක් පෙන්නුවෙ නැහැ. කොහොම නමුත් එදා මගේ හිතේ යම් වෙනසක් ඇති වුණා. අයියගෙ සරම අස්සෙ තියෙන දේ අල්ලන්න මටත් හරි ආස හිතුණා.
ඊට පස්සෙ අර අයියල ගියාට පස්සෙ මම අපේ ගෙදර නැවතිලා හිටි අයියා ලඟට ගියා. මගේ හිතේ තිබුණෙ අර අනිත් අයිය කර කර හිටපු දේ කරලා බලන්න පුංචි ආසාවක් විතරයි. ඔය වයසට එක එක ඒවා අල්ලලා බලන්න හිතෙනවනේ ඒ වගේ හැඟීමක් විතරයි තිබුණේ. sex ගැන හැඟීම් ඒ වෙද්දි මට ඇති වෙලා තිබුණෙ නැහැ. ඒත් අයියා ඒකට ඉඩ දුන්නේ නැහැ.
එයා අපේ ගෙදර ගොඩක් කල් හිටියා. ඒත් කිසිම දවසක මට ඒ පැත්තෙන් පෙළඹවීමක් කරලා නැහැ. නමුත් තවත් දවසක අපේ අයියා වොෂ් රූම් එකට ගිය වෙලාවෙ එයාගෙ යාලුවෙක් මට කථා කළා. එදා ඇවිත් හිටියෙ එයා විතරයි. මාත් එක්ක විස්තර කථා කරන අතරේ ඒ අයියා මගේ අත අරගෙන එයාගෙ එක උඩින් තිබ්බා. මම ගැස්සිලා ගියා. හිතට බයක් එක්ක අමුතු හැඟීමක් තමයි ආවේ. එයා මට බය වෙන්න එපා කිව්වා. මමත් අලුත් අත්දැකීමක් නිසා අල්ලලා බැලුවා. චූ කරන එක එච්චර ලොකු වෙන බව මම දැනගෙන හිටියෙ නැහැ. ඒකෙ අමුතු ගතියක් මට දැනුනා. මමත් හොඳට අල්ලලා බැලුවා. අනිත් අය හැමෝම හංඟන් ඉන්න එකක් මට පෙන්නුව නිසා මට ඒ අයියා ගැන යම් විස්වාශයක් ඇති වුණා. “කාටවත් කියන්න එපා මල්ලී” කියලා ඒ අයියා කීවා. මම මුකුත් කීවෙ නැහැ. අපේ අයියා එන සද්දේ ඇහුණම වැඩේ නැවතුණා. අපි මොනවත් නොවුණ ගානට කතා කර කර හිටියා. ඔහොම තමයි මම පළමුවෙනි අත්දැකීම ලැබුවේ.
හැබැයි ඊට පස්සෙ මම විඳපු දුක් කන්දරාව සිහි වෙද්දි ‘අනේ.... අර අයියා එදා මට එහෙම නොකළ නම්...’ කියල හිතුණ වාර අනන්තයි. එදා ඉඳලා මගේ ජීවිතයට අලුත් පැත්තක් විවර වුණා. ඒක පුංචි සිදුවීමක් වුණත් මගේ ජීවිතයෙ ටර්නින් පොයින්ට් එකක් බවට ඒක පත් වුණා. මට මතකයි ඊට පස්සෙ හරියට මම ඒ ගැන කල්පනා කළා. ආපහු ඒ අත්දැකීම ලබන්න ආස වුණා. ඒත් ඒ අත්දැකීම ආයෙ ලබන්නෙ කොහොමද කියල මම දැනං හිටියෙ නැහැ. මට මතකයි ඒ කාලෙ මම හිටියෙ තුන වසර. අර සිදුවීම කොතරම් හිතට කාවැදිලද කියන්නෙ, පාරෙ යද්දි වුණත් බස් එකේ යද්දි වුණත් ලස්සන අයියා කෙනෙක් දැක්කොත් මට ඒක මතක් වෙනවා. ඒ අයගෙ ලිංගික පෙදෙස ගැන හිතින් මවා ගන්නවා. ස්වයං වින්දනය ගැන මම ඒ කාලෙ දැනගෙන හිටියෙ නැහැ. ඒ අයියල දිහා ආසාවෙන් බලා ඉන්නව. ඒත්.... මම වගේ පොඩි එකෙක්ව ගනන් ගන්නෙ කවුද? මම හැඟීම් හිතේ තද කරගෙනයි හිටියේ. ඒක හරියට කාන්තාරයක් මැද වතුර පොදක් නැතුව ඉන්නව වගේ දෙයක්. ඒකෙ තියෙන පීඩාව හරිම පුදුමයි.
කොහොමහරි ඔහොම කාලෙ ගෙවිල ගියා. මමත් වයසින් වැඩුණා. අපේ තාත්තගෙ පවුලෙ පිරිමි අය හරි කඩවසම්. මටත් ඒ ඌරුව ඇවිත් තිබුණා. ඕ- ලෙවෙල් කාලෙ ආවා. මම ගියෙ පිරිමි ඉස්කෝලෙකට. මම මගේ හිතේ තෙරපිලා තිබුණ දේවල් කාටවත් කියා තිබුණේ නැහැ. මම සාමාන්යව ළමයෙක් වගේමයි අනිත් ළමයි අතර හිටියේ. නමුත් බස් එකේ යද්දි එහෙම ඒ තෙරපිලා තිබ්බ හැඟීම් එලියට ආවා. සමහර අයියලා ජැක් ගහද්දි මමක් ආතල් එකට දීගෙන හිටියා. මමත් ඉඳලා හිටලා බස් එකේ හොඳට තෙරපෙන දවසට ජැක් ගැහුවා. ඒත් මම ඒ එක සිදුවීමක් වත් දුර දිග යන්න දුන්නෙ නැහැ. ඇත්තටම රාගෙ ආවම හිත පිච්චිලා යනවා. මම ස්වභාවයෙන්ම රාගය ටිකක් වැඩි කෙනෙක්. ඒ නිසා මේ ගතවෙච්ච කාලෙට මම කොතරම් නම් දුකක් වින්දද මානසිකව...... පාටි එකකට ගියත් ලස්සන අයිය කෙනෙක් දැක්කොත් හිත තියෙන්නෙ එතන. කොච්චර එන්ජෝයි කරන්න දේවල් තිබුණත් ඒවගෙන් හිත පිරෙන්නෙ නැහැ. හිත ඇතුලෙ තියෙන දේ තද කරගෙන ඉන්න එක තරම් පීඩාවක් තවත් නැහැ.
දකින දකින ලස්සන අයට හිත ගියත් ඒ අයත් එක්ක ඒක දුරදිග ගෙනියන්න මම භය වුණා. මේ කාලෙ තමයි ඕ- ලෙවෙල් ටියුෂන් යන්න පටන් ගත්තෙ. ඒකට කෙල්ලොත් එනවා. අපිට උනුත් එක්ක ගනුදෙනු කරලා වැඩි පුරුද්දක් තිබුණෙ නැති නිසා (ගියෙ පිරිමි ඉස්කෝලෙකට නිසා) අපි ෂේප් එකේ හිටියත් සමහර උන් එලිපිටම පැණි හලන්න පටන්ගෙන තිබ්බා. අපිත් උන්ට සපෝට් කළා මිසක් මම ඒ ෆීල්ඩ් එකට ගියේ නැහැ. නමුත් මට ටික කළක් යද්දි තේරුනා කෙල්ලො මට ලයින් දානවා කියලා. අපේ නෑදෑ වෙන නංගි කෙනෙක් ගිය ගර්ල්ස්කූල් එකේ සමහර කෙල්ලො මාව යාලු කරගන්න ඒකිව ෂේප් කරගන්න හදන හැටි කියල ඒ දවස් වල මට කින්ඩිය දානවා. මටත් ඉතින් කාඩ් එක නිසා මමත් අහගෙන ඉන්නවා. මම හිතාගෙන හිටියෙ කවද හරි කෙල්ලෙක් එක්ක යාලු වෙන්නෙ බඳින්නමයි කියලා. ඒත් ඒ ටියුෂන් ක්ලාස් එකේ හිටිය එක කෙල්ලෙක් නිසා මට හරියට ෆීලින්ග්ස් එන්න ගත්තා. මට ඒකිව පෙනුනෙ දෙවඟනක් වගේ. හරිම අහිංසක යි. නමුත් මම තවම ඕ-ලෙවෙල් නිසා ඒ දේ කියන්න බය වුණා. මම හිතුවෙ ඒකට තව කල් ඕනැ කියලයි.
නමුත් ඒ අතරම කොල්ලො ගැන හිතෙන එකත් නැවතුනේ නැහැ. ඇත්තටම මට ඕනැ වුනා ජීවිතය ෂෙයා කරගන්න හොඳ යාලුවෙක්. එහෙම කෙනෙක් ඉන්නව නම් මුලු ජීවිතේ වුණත් එයාට දෙන්න තරම් ෆීලින්ග් එකක් මට තිබුණා. ඒත් දෙයියනේ... එහෙම කෙනෙක් මම කොහෙන් නම් හොයා ගන්නද? ටික ටික කාලෙ ගෙවුනා. ඕ-ලෙවෙල් ඩී දහයයි. මට මාර සතුටුයි. ඒ-ලෙවෙල් කාලෙ ආවා. ඒක නම් ජීවිතේ පුදුම කාලයක්. යාලුවොත් එක්ක පිස්සු නැටුව ඒ කාලෙ ඇත්තටම දැන් හීනයක් වගේ. බස් එකේදි.... පාරෙදි.... ටියුෂන් ක්ලාස් වලදි.... ඉස්කෝලෙදි... අපි හිටියෙ අපේම ලෝකෙක. ඒත්... කොච්චර යාළුවො හිටියත් ජීවිතේ එක තැනක මහා අඩුවක් තිබුණා. තනිකම පාළුව නිසා හැදෙන ඒ අඩුව වහන්න පුළුවන් යාලුවෙක් මට ඒ කාලෙ හිටියෙ නැහැ. කොහොම නමුත් ඒ කාලෙ මම බලාපොරොත්තු වුණේ සාමාන්යට මිතු දමක් නෙවෙයි. ඒ සාමාන්යා මිතු දමට එහා ගිය සහෝදරත්වයක්.... ආදරයක් මට ඕනැ වුණා. ඒ දවස් වල මම ‘ගේ රිලේෂන්ශිප්ස්’ ගැන දැන ගෙන හිටියෙ නැහැ. ඒ දවස් වල ඒ හිතට දැනිච්ච තනිකම මම කොහොම නම් විස්තර කරන්නද?
මට දිග සුසුමක් පිටවුණා. “අනේ... අනේ.... මොනවද ඔච්චර කල්පනා කරන්නේ.... තමුසෙට කෙල්ලෙක් බූට් එකක් වත් තිබ්බද..?” කොහොමත් කටකාර චූටි අක්කා එහෙම කියද්දි තමයි මම ආයිත් පියවි ලෝකෙට ආවෙ. මම ඉඳගෙන ඉන්නෙ කෑම මේසෙ කියලා මතක් වුණේ එතකොටයි. කට්ටියත් එක්කම හිනා වෙලා මාත් ෂේප් වුණා. මෙච්චර දුර අතීතයකට මාව අරගෙන ගිය ඒ පොඩි එකා ඇසි පිය නොගහ මා දිහා බලා ඉන්නවා.
ඒ පුංචි හිතට මොනවා හිතුනද කියල මම දන්නෙ නැහැ. කෑම කාල ඉවර වෙලා ආදරෙන් ඒ පොඩි එකාගෙ ඔලුවත් අත ගාල මම කාමරයට ගියේ “අනේ පොඩි එකෝ.... උඹට නම් මට වුණා වගේ දුකක් විදින්න ලැබෙන්නෙපා...” කියලා හිතින් කියමින්.
_________________________________________________________________________
යාළුවනේ, පුංචි ළමයි ගැන අපි ගොඩාක් සැළකිලිමත් වෙමු. සමහරවිට අපි කරන පුන්චි දෙයක් එයාලගෙ මුලු ජීවිතේටම බලපාන්න පුලුවන්. අද සිදු වෙච්ච දෙයක් ඇසුරින් තමයි මම මේක ලිව්වෙ. මගේ ඇත්තම ජීවිතෙන් කොටසක් තමා ඔයාල දැන් කියෙව්වෙ. කෙනෙක් සතුටු වෙන්නෙ ගෑණියෙක්ගෙන්ද පිරිමියෙක්ගෙන්ද කියන කරුණ මත අපට මිනිස්සුන්ව හෙලා දකින්න බැහැ. අපි ඔක්කොම මිනිස්සු. මිනිහෙක්ගෙ හිතේ ඇති වෙන ආදරයට ලිංග බේදයක් තිබිය නො හැකියි. ඒත්.... පුංචි ලමයි එක්ක ගනුදෙනු කරන්න අපිට අයිතියක් නැහැ කියලයි මට නම් හිතෙන්නෙ. යම් දවසක එයාල යන්න ඕන පැත්ත එයාලම සොයාගනීවි. අද දවසම මම කළේ මේක ටයිප් කරන එක.
එහෙනම්, ඔයාලට සුභ අනාගතයක්........!
Saturday, April 24, 2010
Subscribe to:
Posts (Atom)